2.3 : ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව තහවුරු කරයි. ව්‍යාපාර තමන් සමග කටයු තුකරන සිය ලූ පාර්ශ්ව වලට යහපතක් සිදු වන ආකාරයට හොඳ නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම, ව්‍යාපාර ආචාර ධර්ම ලෙස හැඳින්විය හැකි ය. ව්‍යාපාර ආචාර ධර්ම පිළිපැදීම ව්‍යාපාරවලට වැදගත් වේ. නිදසුන් : ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයීම තුළ ගනුදනුකරුවන්ට සාධාරණය ඉටු වන අතර එමගින් ව්‍යාපාර පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය ඉහළ යාම. අලෙවිකරණයට අදාළ ආචාරධර්ම පිළිපැදීම තුළින් ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීම සහ තරඟකාරිත්වයට සාර්ථක ලෙස මුහුණ දිය හැකි වීම. ගිණුම්කරණ කටයුතුවලට අදාළ ආචාරධර්ම පිළිපැදීමෙන් ව්‍යාපාරය තුළ සිදු විය හැකි මූල්‍ය අක‍්‍රමිකතා, විෂමාචාර පිටු දැකීම තුළින් විශ්වාසය තහවුරු වීම. සේව්‍ය සේවක අයිතීන් හා යුතුකම් සුරකින ආචාරධර්ම තුළින් සේවකයිනට ජාති, කුල, ආගම් හෝ ස්තී/පුරුෂ ආදී වශයෙන් සිදු වන අසාධාරණකම් සිදු නොවීමෙන් මනා මානව සම්පත් කළමනාකරණයක් සිදු වීම. ව්‍යාපාර ආචාර ධර්ම පද්ධතියක් ගොඩනැගීමේ දි පහත දැක්වෙන කරුණු පිළිබඳ ව සැලකිලිමත් විය යුතු ය. ව්‍යාපාරය ගනුදෙනුකරු සේවකයා තරඟකරුවන්...
2.2 : පරිසර හිතකාමී ලෙස කටයුතු කරමින් තිරසර සංවර්ධනයට ව්‍යාපාර දායක වන ආකාරය අගයයි. තිරසර සංවර්ධනය යනු , '' Sustainable development is development which meet, the needs of the present, without compromising the ability of future generations to meet their own needs.'' world commission on Environment and Development තිරසර සංවර්ධනය යනු , අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය නොකරමින් වර්තමාන අවශ්‍යතා ලඟා කර ගන්නා වූ සංවර්ධනයයි . තිරසර සංවර්ධනය ගොඩනැගී ඇත්තේ සමාන වැදගත්කමක් ඇති කුළුණු තුනක් මත ය. ඒවා නම් , 1. ආර්ථික තිරසර සංවර්ධනය(Economic Sustainable Development) 2. පරිසර තිරසර ආරක්ෂණය (Environment Sustainable Protection) 3. සමාජ තිරසර සංවර්ධනය(Social Sustainable Development) ආර්ථික තිරසර සංවර්ධනය සාම්ප‍්‍රදායිකව ආර්ථික වර්ධනය යනු , දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයයි. තිරසර ආර්ථික සංවර්ධනයේ දී සම්පත් පරිභෝජනය අඩු කර, ජීවන තත්ත්වය උසස් කිරීම මඟින් මානව සුභ සාධනය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. ලෝකය පුරා සිටින ජනතාවගේ දුප්පත්කම නැති කිරීම, උසස් ජීවන තත්ත්ව...