Skip to main content
2.2 : පරිසර හිතකාමී ලෙස කටයුතු කරමින් තිරසර සංවර්ධනයට ව්‍යාපාර දායක වන ආකාරය අගයයි.
තිරසර සංවර්ධනය යනු ,
'' Sustainable development is development which meet, the needs of the present, without compromising the ability of future generations to meet
their own needs.'' world commission on Environment and Development
තිරසර සංවර්ධනය යනු , අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය නොකරමින් වර්තමාන අවශ්‍යතා ලඟා කර ගන්නා වූ සංවර්ධනයයි .
තිරසර සංවර්ධනය ගොඩනැගී ඇත්තේ සමාන වැදගත්කමක් ඇති කුළුණු තුනක් මත ය.
ඒවා නම් ,
1. ආර්ථික තිරසර සංවර්ධනය(Economic Sustainable Development)
2. පරිසර තිරසර ආරක්ෂණය (Environment Sustainable Protection)
3. සමාජ තිරසර සංවර්ධනය(Social Sustainable Development)

ආර්ථික තිරසර සංවර්ධනය
සාම්ප‍්‍රදායිකව ආර්ථික වර්ධනය යනු , දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයයි. තිරසර ආර්ථික සංවර්ධනයේ දී සම්පත් පරිභෝජනය අඩු කර, ජීවන තත්ත්වය උසස් කිරීම මඟින් මානව සුභ සාධනය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. ලෝකය පුරා සිටින ජනතාවගේ දුප්පත්කම නැති කිරීම, උසස් ජීවන තත්ත්වයක් තහවුරු කිරීම මඟින් වර්තමාන හා අනාගත පරම්පරාවේ සෞභාග්‍ය හා ආරක්ෂාව සැලසීම හා ආර්ථික කි‍්‍රයාකාරකම්වල යෙදී ධනය උපයමින් හොඳ ජීවන තත්ත්වයක් ලැබීමට ජනතාව බලවන්ත කිරීම මෙහි දී වැදගත් වේ. තරගකාරී වෙළෙඳපොළ මේ සඳහා වැදගත් වන අතර සෑම දෙනාට ම දැරිය හැකි මිලකට පරිසර හිතකාමී නිෂ්පාදන බිහි කිරීම තුළින් තිරසර ආර්ථික සංවර්ධනයක් ලඟා කර ගැනීම අපේක්ෂා කෙරේ.

පරිසර තිරසර ආරක්ෂණය :
පෘථිවි ගෝලය තුළ අපට ඇත්තේ සීමිත සම්පත් ප‍්‍රමාණයකි. පෘථිවි තලයේ ජීවත්වන සියලූ දෙනාට ම පිරිසිදු වාතය, ජලය, වාසය කිරීමට සුදුසු භූමියක් මෙන් ම ප‍්‍රමාණවත්ආහාර නිපදවා ගැනීමට සාරවත් වූ පොළවක් ද පැවතිය යුතු ය.
මූලික මිනිස් අවශ්‍යතා වන වාතය, ජලය, ආහාර හා නිවාස යනාදිය ගුණාත්මකභාවයෙන් පැවතීම හා ඒවා ආරක්ෂා කර ගනිමින් පවත්වාගෙන යාම මඟින් මූලික මිනිස් අවශ්‍යතා සපුරාලීම පරිසර තිරසර ආරක්ෂණයෙන් අපේක්ෂා කෙරේ.
පරිසර තිරසර ආරක්ෂණයේ දී ස්වභාවික පරිසරය නොනසා ඵලදායී වෙනස්කම් කිරීම කරනුයේ කෙසේ ද යන්න පිළිබඳ ව සැලකිලිමත් වී අනාගත පරපුර වෙනුවෙන් ගෝලීය පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන මානව කි‍්‍රයාකාරකම් අපේක්ෂා කෙරේ. එනම් වර්තමානයේ මතු ව ඇති ගෝලීය උෂ්ණත්වය වැඩි වීම, වනාන්තර විනාශය, සාගරවල සීමාව ඉක්මවා මසුන් මැරීම වැනි අහිතකර ප‍්‍රතිඵල ගැන අවධානය යොමු විය යුතු ය.
මිනිස් අවශ්‍යතා සපුරාලීම සඳහා ස්වභාවික සම්පත් පරිසරයෙන් උකහා ගත යුතු ය. මෙහිදී නැවත ප‍්‍රතිස්ථාපනය කළ නොහැකි ස්වභාවික සම්පත් නැවත ප‍්‍රතිස්ථාපනය කිරීමට ස්වභාව ධර්මයට ඇති හැකියාවට වඩා අඩු වේගයකින් මිනිසා විසින් පාරිභෝජනය කිරීම මඟින් පාරිසරික තිරසර බව ආරක්ෂා කළ හැකි වේ.
සමාජ තිරසර සංවර්ධනය
තිරසර අනාගතයක් තහවුරු කිරීමට නම් ජනතාවගේ අවශ්‍යතා හා වුවමනා සමානව/සාධාරණව ඔවුන්ට සපුරා ගත හැකි විය යුතු ය. එනම් මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉහළ ප‍්‍රමිතියකින් යුතු ව ලඟා කර ගත හැකි විය යුතු අතර ම, අන් අයගේ එම අයිතිය දුෂ්‍ය කිරීම හෝ උල්ලංඝනය කිරීම නොවිය යුතුය. සමාජ තිරසර සංවර්ධනයේ දී මෙම තත්ත්වය තහවුරු කිරීමට සමානාත්මතාව, සමාජ ප‍්‍රාග්ධනය, සමාජ ඒකාබද්ධතාව ප‍්‍රජා සහභාගිත්වය හා සංවර්ධනය මානව හිමිකම් , සමාජ වගකීම් , සමාජ සාධාරණත්වය සමාජයේ සෑම පුද්ගලයෙකුටම ලබා දීම කෙරෙහි සැලකිලිමත් වීම අවධාරණය කෙරේ. එහිදී අනාගත පරම්පරාවේ අවශ්‍යතා උල්ලංඝනය නොවන පරිදි වර්තමාන ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම මඟින් මානව සංවර්ධනය ඇති කිරීම සමාජ තිරසර සංවර්ධනයෙන් අපේක්ෂා කෙරේ.
රූප සටහන 2
තිරසර සංවර්ධනය සඳහා ව්‍යාපාරවලට දායක විය හැකි ආකාරය
ව්‍යාපාර ආයතන ද තම ව්‍යාපාරයේ හා එහි පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා හා වුවමනා ලඟා කර ගැනීම සඳහා උපාය මාර්ග හා කි‍්‍රයාකාරකම් තේරීමේ දී අනාගත අවශ්‍යතා සඳහා අවශ්‍ය වන මානව හා ස්වභාවික සම්පත් ආරක්ෂා කරමින් හා වැඩි දියුණුකරමින් කටයුතු කළ යුතු ය. එවිට එය තිරසර ව්‍යාපාර භාවිතයක් බවට පත් වේ.
තිරසර සංවර්ධනය යථාර්ථයක් බවට පත්කර ගැනීම එක් ව්‍යාපාර ආයතනයකට පමණක් හුදකලාව කටයුතු කරමින් කළ නොහැකි වන අතර ඒ සඳහා පාරිභෝගිකයන් ද ඇතුළු ව සමස්ත ලෝක ආර්ථික ප‍්‍රජාව ම කි‍්‍රයාකාරී ව දායක විය යුතු ය.

ආර්ථික තිරසර බව සඳහා ව්‍යාපාරවල දායකත්වය
Ÿ ව්‍යාපාරයක් ආර්ථික තිරසර බව වෙනුවෙන් කටයුතු කරන විට අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයකි.
Ÿ ආර්ථික වර්ධනය හා ස්ථායීතාව
Ÿ කාර්යක්ෂමතාව (සම්පත් භාවිතය)
Ÿ තරඟකාරිත්වය (සාධාරණව)
Ÿ නිෂ්පාදනය හා පරිභෝජනය
Ÿ සේවා නියුක්තිය
Ÿ අන්තර්ජාතික වෙළෙඳාම

ව්‍යාපාරයකට ආර්ථික තිරසර බව තහවුරු කිරීම සඳහා ගත හැකි කි‍්‍රයාමාර්ග කිහිපයක් වේ.
Ÿ රැකියා නිර්මාණය
Ÿ කුසලතා බලගැන්වීම
Ÿ සම්පත් කාර්යක්ෂමව භාවිතය
Ÿ ප‍්‍රාග්ධනය කාර්යක්ෂමව භාවිතය
Ÿ අවදානම් කළමනාකරණය
Ÿ ආර්ථික වර්ධනය බලගැන්වීම
Ÿ පාර්ශ්වකරුවන්ගේ ප‍්‍රතිලාභ වර්ධනය
Ÿ දේශීය ආර්ථිකය වර්ධනය සඳහා ආයෝජනය
Ÿ නවෝත්පාදන හඳුන්වා දීම
Ÿ තාක්ෂණය දියුණු කිරීම
Ÿ ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනයට දායක වීම
Ÿ සේවක සුභසාධනය
Ÿ හුවමාරුව හා ගනුදෙනු කි‍්‍රයාවලිය දියුණු කිරීම
Ÿ නිෂ්පාදන කි‍්‍රයාවලිය දිරිගැන්වීම

පාරිසරික තිරසර බව සඳහා ව්‍යාපාරවල දායකත්වය
Ÿ පාරිසරික තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාපාර කටයුතු කරන විට විශේෂ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි.

Ÿ සම්පත් පරිභෝජනය
Ÿ අමුද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය
Ÿ අවදානම් කළමනාකරණය
Ÿ ස්වභාවික හා සංස්කෘතික උරුමයන් සුරැකීම

ව්‍යාපාරයකට පාරිසරික තිර සර බව තහවුරු කිරීමට කළ හැකි කි‍්‍රයාකාරකම් කිහිපයක් වේ.
Ÿ පරිසර හිතකාමී දෑ මිලට ගැනීම
Ÿ නිෂ්පාදන ක‍්‍රියාවලියේ දී අමුද්‍ර ව්‍ය, බල ශක්ති ය , ජලය වැනි සම්පත් සුරකිමින් කටයුතු කිරීම
Ÿ අපද්‍රව්‍ය කළමනාකරණයේ දී 3R , 4R, 5R සංකල්ප භාවිතය
Ÿ පරිසර හිතකාමී ප‍්‍රවාහන ක‍්‍රම භාවිතය
Ÿ අන්තරාකාරී ද්‍රව්‍ය සුරක්ෂිතව භාවිත කිරීම
Ÿ ජලය, වාතය හා පස දූෂණය අඩු කිරීම
Ÿ ජෛව විවිධත්වය රැකීමට කටයුතු කිරීම
Ÿ පාරිසරික නීතිරීතිවලට අනුගතව කටයුතු කිරීම
Ÿ පරිසරය සංරක්ෂණය/ පරිසර හිතකාමී කටයුතුවල දී රජය හා රාජ්‍ය
නොවන ආයතන සමග එක්ව කටයුතු කිරීම
Ÿ සූර්ය ශක්තිය වැනි පරිසර හිතකාමි බලශක්ති භාවිතය

 සමාජ හා සංස්කෘතික තිරසර බව සඳහා ව්‍යාපාරවල දායකත්වය

ව්‍යාපාර ආයතන සමාජ හා සංස්කෘතික තිරසර බව තහවුරු කිරීම සඳහා කටයුතුකිරීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් වේ.
Ÿ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම
Ÿ ජනතාවට සමාන අවස්ථා සැපයීම
Ÿ සමාජ ඒකාග‍්‍රතාව ඇති කිරීම
Ÿ ජාත්‍යන්තර සහභාගිත්වය ලබා ගැනීම
Ÿ මානව ප‍්‍රාග්ධනය නඩත්තු කිරීම
Ÿ දේශීය සංස්කෘතිය සම්ප‍්‍රදායන් හා සිරිත් විරිත් ආරක්ෂා කිරීම
Ÿ සංස්කෘතික පරිසරය සුරැකීම
Ÿ දුගී බව අවම කිරීමට කටයුතු කිරීම (දිළිඳු ප‍්‍රජාව)
Ÿ සේවක සබඳතා

ව්‍යාපාරයකට සමාජ හා සංස්කෘතික තිරසර බව තහවුරු කිරීම සඳහා ගත හැකිකි‍්‍රයාමාර්ග කිහිපයක් නම්,
Ÿ මානව විවිධත්වයට ගරු කරමින් කටයුතු කිරීම
Ÿ මානව අයිතිවාසිකම් සුරැකීමට දායක වීම
Ÿ සමානාත්මතාවෙන් යුතු ව කටයුතු කිරීම හා සම අවස්ථා සැපයීම
Ÿ අධ්‍යාපනය, සෞඛ්‍යය, ප‍්‍රවාහනය ආදී අත්‍යාවශ්‍ය පහසුකම් සඳහා දායක වීම
Ÿ සමාජ රක්ෂණ කටයුතුවලට දායක වීම
Ÿ සංස්කෘතික විවිධත්වය ගරු කිරීම හා සුරැකීමට දායක වීම
Ÿ නීතිය හා සාමය සුරැකීමට දායක වීම

තිරසර සංවර්ධනය සඳහා ව්‍යාපාරවල නූතන භාවිත : තිරසර බව සඳහා වූ 4R  සංකල්පය
නූතන සමාජයේ නිෂ්පාදන හා පරිභෝජන කි‍්‍රයාකාරකම් නිසා දිනකට දැරිය නොහැකිප‍්‍රමාණයකින් අපද්‍රව්‍ය එකතු වීම ගෝලීය ප‍්‍රශ්නයක් බවට පත් ව ඇත. එබැවින්නිෂ්පාදනයේ දී පාරිභෝජනයේ දී හා අපද්‍රව්‍ය කළමනාකරණයේ දී 4R සංකල්පය භාවිතය තුළා න් තිරසර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ ගැනීම ලෝක මට්ටමින් අවධානයට යොමු ව ඇත. එම 4R නියෝජනය කරන්නේ,
Recycle (ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීම)
Ÿ Reuse (නැවත නැවත භාවිත කිරීම)
Ÿ Reduce ( භාවිතය අඩු කිරීම)
Ÿ Replace (නැවත ස්ථාපිත කිරීම) යන සංකල්ප ය.

ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීම (Recycle)
මෙහි දී අපද්‍රව්‍ය වෙන් කොට වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍යයක් බවට පත් කිරීම සිදුවේ. මෙහි දී ද්‍රව්‍යවල පවතින භෞතික තත්ත්වය වෙනස් කිරීමට ලක්කෙරේ. ප‍්‍රතිචකී‍්‍රකරණය දෙආකාරයක නිමැවුම් ලැබෙන සේ සිදු කළ හැකි ය.
Ÿ අඩු වටිනාකමක් ඇති අමු ද්‍රව්‍ය ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදිත බවට පත් කිරීම ^ upcycle )
නිදසුන් : පිදුරුවලින් කඩදාසි නිෂ්පාදනය කිරීම
Ÿ ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදිත අඩු වටිනාකමක් ඇති අමුද්‍රව්‍ය බවට පත් කිරීම ^Low cycle&
නිදසුන් : ජපානය භාවිතයෙන් ඉවත් කරන වාහන තලා යකඩ බවට පත් කිරීම

නැවත නැවත භාවිත කිරීම^Reuse&
නිෂ්පාදන කාර්යයේ දී හෝ පරිභෝජන කාර්යයේ දී නැවත නැවත භාවිත කළ හැකිදේ යොදා ගැනීම මින් අදහස් කෙරේ.
නිදසුන් : කෑම ඔතන පොලිතීන් ෂීට් ^Lunch sheets&  වෙනුවට කැම පෙට්ටි ^Lunch Boxes& භාවිතය

භාවිතය අඩුකිරිම ^Reduce)
මින් අදහස් කරන්නේ පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය ප‍්‍රමාණය අඩු කිරීම යි. නිෂ්පාදනය හෝ පරිභෝජනය සඳහා යොදා ගන්නා ද්‍ර‍්‍රව්‍යවලින් ඉවත ලන ද්‍රව්‍ය ප‍්‍රමාණය අඩුකිරීමෙන් මෙම කාර්ය පහසු වේ. එසේම පරිසරයට අහිතකර දේ භාවිතයෙන් ඉවත් කිරිම,
භාවිතය ප‍්‍රතික්ෂේප කිරිම, භාවිත නොකර සිටීම මගින් තිරසර සංවර්ධනයට දායක විය හැකි ය.
නිදසුන් : භාණ්ඩයක ඇසුරුම සඳහා දිරාපත් නොවන පොලිතීන් භාවිත නොකර සිටීම.
පානීය ජලය ප්ලාස්ට්ක් ඇසුරැම්වල නොදැමීම

නැවත ස්ථාපිත කිරිම ^Replace)
නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කරන ස්වභාවික සම්පත්වලින් නැවත ස්ථාපිත කළ හැකිසම්පත් නැවත පරිසරය තුළ ස්ථාපිත කිරිම මෙයින් අදහස් වේ.
නිදසුන් : වනයේ දැව අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන ආයතනයක් වන වගා ව්‍යාපෘති ඇරඹීම
මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාර මත්ස්‍ය සංවර්ධනය කිරීම.
Ÿ ව්‍යාපාර කටයුතුවල අහිතකර බලපෑම්
Ÿ වැඩි ලාභ අපේක්ෂාවෙන් ගුණත්වයෙන් අඩු භාණ්ඩ අපනයනය කිරීම
Ÿ දැඩි තරඟකාරිත්වය තුළ පාරිභෝගිකයින් රැවටීම
Ÿ සේවක සුභසාධනය පිළිබඳ නැඹුරුව අඩු වීම
Ÿ ස්වාභාවික සම්පත් අපතේ යන පරිදි නිෂ්පාදන කටයුතු කිරීම
Ÿ පරිසරය දූෂණය වන පරිදි අපද්‍රව්‍ය මුදාහැරීම
Ÿ අප රටේ සමාජ සංස්කෘතියට නොගැලපෙන වෙළෙඳ දැන්වීම් නිර්මාණය කිරීම
Ÿ සමාජ සංස්කෘතියට නොගැලපෙන ඇදුම් මෝස්තර නිර්මාණය කිරීම

Comments

Popular posts from this blog

2.3 : ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව තහවුරු කරයි. ව්‍යාපාර තමන් සමග කටයු තුකරන සිය ලූ පාර්ශ්ව වලට යහපතක් සිදු වන ආකාරයට හොඳ නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම, ව්‍යාපාර ආචාර ධර්ම ලෙස හැඳින්විය හැකි ය. Ÿ ව්‍යාපාර ආචාර ධර්ම පිළිපැදීම ව්‍යාපාරවලට වැදගත් වේ. නිදසුන් : Ÿ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයීම තුළ ගනුදනුකරුවන්ට සාධාරණය ඉටු වන අතර එමගින් ව්‍යාපාර පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය ඉහළ යාම. Ÿ අලෙවිකරණයට අදාළ ආචාරධර්ම පිළිපැදීම තුළින් ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීම සහ තරඟකාරිත්වයට සාර්ථක ලෙස මුහුණ දිය හැකි වීම. Ÿ ගිණුම්කරණ කටයුතුවලට අදාළ ආචාරධර්ම පිළිපැදීමෙන් ව්‍යාපාරය තුළ සිදු විය හැකි මූල්‍ය අක‍්‍රමිකතා, විෂමාචාර පිටු දැකීම තුළින් විශ්වාසය තහවුරු වීම. Ÿ සේව්‍ය සේවක අයිතීන් හා යුතුකම් සුරකින ආචාරධර්ම තුළින් සේවකයිනට ජාති, කුල, ආගම් හෝ ස්තී/පුරුෂ ආදී වශයෙන් සිදු වන අසාධාරණකම් සිදු නොවීමෙන් මනා මානව සම්පත් කළමනාකරණයක් සිදු වීම. Ÿ ව්‍යාපාර ආචාර ධර්ම පද්ධතියක් ගොඩනැගීමේ දි පහත දැක්වෙන කරුණු පිළිබඳ ව සැලකිලිමත් විය යුතු ය. Ÿ ව්‍යාපාරය Ÿ ගනුදෙනුකරු Ÿ සේවකයා Ÿ තරඟකරුවන්...
A/L - Business Studies -2.0 : ව්‍යාපාර පරිසරයට අනුගත වීම සඳහා ව්‍යාපාර, සමාජයීය වගකීම් හා ආචාරධර්ම කෙරෙහි සැලකිලිමත් වන ආකාරය විමසයි. 2.1 : ව්‍යාපාර විසින් සමාජයීය වගකීම් ඉටුකිරී මේ වැදගත්කම අගයයි. ව්‍යාපාරය හා සම්බන්ධ සියලූම උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට උපරිම අයුරින්සාධාරණයක් ඉටු වන ආකාරයට කටයුතු කිරීම සමාජයීය වගකීම වේ. Ÿ ව්‍යාපාරයක සමාජ වගකීම් සංකල්පය පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇත. නිදසුන් : සමස්ත සමාජයේ සහ ප‍්‍රදේශයේ ජනතාවගේත් , සේවකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වලත් ජීවන තත්ත්වය නංවාලීමට සහ රටේ ආර්ථික සංවර්ධනයට දායක වන බවට හා සදාචාරාත්මක ව හැසිරෙන බවට ව්‍යාපාරවල අඛණ්ඩ කැපවීම ව්‍යාපාරයන්හි සමාජයීය වගකීමයි. World business council for sustainable development .. "සමාජය තුළ ධනාත්මක බලපෑමක් ජනිත කිරීමට ව්‍යාපාර ක‍්‍රියාවලිය කළමනාකරණය කරන්නේ කෙසේ ද ? යන්න පිළිබඳ වූ අදහසකි, සමාජයීය වගකීම"..Mallen Baker ගනුදෙනුකරුවන්, සේවකයින්, සමාජය, රජය හා පරිසරය ආදී සියලූ ම උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට සාධාරණ ලෙස කටයුතු කරමින් කොටස් හිමියන්ට උපරිම අගයක් බිහිකර දීම සමාජයීය වගකීම වේ. Narayan M...