Skip to main content
2.3 : ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව තහවුරු කරයි.
ව්‍යාපාර තමන් සමග කටයු තුකරන සිය ලූ පාර්ශ්ව වලට යහපතක් සිදු වන ආකාරයට හොඳ නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම, ව්‍යාපාර ආචාර ධර්ම ලෙස හැඳින්විය හැකි ය.
Ÿ ව්‍යාපාර ආචාර ධර්ම පිළිපැදීම ව්‍යාපාරවලට වැදගත් වේ.
නිදසුන් :
Ÿ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයීම තුළ ගනුදනුකරුවන්ට සාධාරණය ඉටු වන අතර එමගින් ව්‍යාපාර පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය ඉහළ යාම.
Ÿ අලෙවිකරණයට අදාළ ආචාරධර්ම පිළිපැදීම තුළින් ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීම සහ තරඟකාරිත්වයට සාර්ථක ලෙස මුහුණ දිය හැකි වීම.
Ÿ ගිණුම්කරණ කටයුතුවලට අදාළ ආචාරධර්ම පිළිපැදීමෙන් ව්‍යාපාරය තුළ සිදු විය හැකි මූල්‍ය අක‍්‍රමිකතා, විෂමාචාර පිටු දැකීම තුළින් විශ්වාසය තහවුරු වීම.
Ÿ සේව්‍ය සේවක අයිතීන් හා යුතුකම් සුරකින ආචාරධර්ම තුළින් සේවකයිනට ජාති, කුල, ආගම් හෝ ස්තී/පුරුෂ ආදී වශයෙන් සිදු වන අසාධාරණකම් සිදු නොවීමෙන් මනා මානව සම්පත් කළමනාකරණයක් සිදු වීම.
Ÿ ව්‍යාපාර ආචාර ධර්ම පද්ධතියක් ගොඩනැගීමේ දි පහත දැක්වෙන කරුණු පිළිබඳ ව සැලකිලිමත් විය යුතු ය.
Ÿ ව්‍යාපාරය
Ÿ ගනුදෙනුකරු
Ÿ සේවකයා
Ÿ තරඟකරුවන්
Ÿ සමාජ සංස්කෘතිය
Ÿ සංවිධාන සංස්කෘතිය
Ÿ ප‍්‍රායෝගික බව

නිදසුන් :
ව්‍යාපාරය : ව්‍යාපාරයේ ස්වභාවය කුමක් ද ? භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් ද ? සේවා සපයන ව්‍යාපාරයක් ද ? කුඩා පරිමාණ ව්‍යාපාරයක් ද ? මහා පරිමාණ ව්‍යාපාරයක් ද? ආදිය සැලකිල්ලට ගැනීම
ගනුදෙනුකරු : ගනුදෙනුකරුගේ ඉල්ලූම් රටා, සන්නිවේදනය, ආගමික සමාජ හා සංස්කෘතීන්ට අදාළ කරුණු පිළිබඳ ව සැලකිල්මත් වීම
සේවකයා : කුමන මට්ටමේ සේවකයෙක් ද ? ඔවුන්ගේ පරිසරය, අවශ්‍යතා හා වුවමනා පිළිබඳ සැලකිලිමත් වීම
තරඟකරුවන් : තරඟකරුවන ් සටීි ද ? ඔවුන් අනුග මනය කරන ආචාරධර්ම මොනවා ද ? ආදිය පිළිබඳ ව සැලකිලිමත් වීම
සමාජ සංස්කෘතිය : ජනවර්ගය තුළ මුල් බැසගත් සංස්කෘතික සාරධර්ම හා අගනාකම් උප සංස්කෘතීන් ගැන සැලකිලිමත් වී ආචාර ධර්ම පද්ධතිය සැකසීම
සංවිධාන සංස්කෘතිය : ව්‍යාපාරය තුළ පවතින චාරිත‍්‍ර වාරිත‍්‍ර, වටිනාකම්, පුරුදු, ආකල්ප යනාදිය පිළිබඳ ව සැලකිලිමත් වීම
ප‍්‍රායෝගික බව : ආචාරධර්ම පද්ධති සකස් කිරීමේ දී එම ආචාරධර්ම
ප‍්‍රායෝගික ව කි‍්‍රයාත්මක කිරීමට හැකියාව ඇත් ද යන්න පිළිබඳ ව සැලකිලිමත් වීම
Ÿ ව්‍යාපාරය සඳහා සකස් කරන ලද ආචාරධර්ම ලිඛිත ව දැක් වූ විට එය ආචාරධර්ම පද්ධතිය /ආචාර ධර්ම සංග‍්‍රහය ලෙස හඳුන්වයි.

Comments

Popular posts from this blog

2.2 : පරිසර හිතකාමී ලෙස කටයුතු කරමින් තිරසර සංවර්ධනයට ව්‍යාපාර දායක වන ආකාරය අගයයි. තිරසර සංවර්ධනය යනු , '' Sustainable development is development which meet, the needs of the present, without compromising the ability of future generations to meet their own needs.'' world commission on Environment and Development තිරසර සංවර්ධනය යනු , අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය නොකරමින් වර්තමාන අවශ්‍යතා ලඟා කර ගන්නා වූ සංවර්ධනයයි . තිරසර සංවර්ධනය ගොඩනැගී ඇත්තේ සමාන වැදගත්කමක් ඇති කුළුණු තුනක් මත ය. ඒවා නම් , 1. ආර්ථික තිරසර සංවර්ධනය(Economic Sustainable Development) 2. පරිසර තිරසර ආරක්ෂණය (Environment Sustainable Protection) 3. සමාජ තිරසර සංවර්ධනය(Social Sustainable Development) ආර්ථික තිරසර සංවර්ධනය සාම්ප‍්‍රදායිකව ආර්ථික වර්ධනය යනු , දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයයි. තිරසර ආර්ථික සංවර්ධනයේ දී සම්පත් පරිභෝජනය අඩු කර, ජීවන තත්ත්වය උසස් කිරීම මඟින් මානව සුභ සාධනය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. ලෝකය පුරා සිටින ජනතාවගේ දුප්පත්කම නැති කිරීම, උසස් ජීවන තත්ත්ව...
A/L - Business Studies -2.0 : ව්‍යාපාර පරිසරයට අනුගත වීම සඳහා ව්‍යාපාර, සමාජයීය වගකීම් හා ආචාරධර්ම කෙරෙහි සැලකිලිමත් වන ආකාරය විමසයි. 2.1 : ව්‍යාපාර විසින් සමාජයීය වගකීම් ඉටුකිරී මේ වැදගත්කම අගයයි. ව්‍යාපාරය හා සම්බන්ධ සියලූම උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට උපරිම අයුරින්සාධාරණයක් ඉටු වන ආකාරයට කටයුතු කිරීම සමාජයීය වගකීම වේ. Ÿ ව්‍යාපාරයක සමාජ වගකීම් සංකල්පය පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇත. නිදසුන් : සමස්ත සමාජයේ සහ ප‍්‍රදේශයේ ජනතාවගේත් , සේවකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වලත් ජීවන තත්ත්වය නංවාලීමට සහ රටේ ආර්ථික සංවර්ධනයට දායක වන බවට හා සදාචාරාත්මක ව හැසිරෙන බවට ව්‍යාපාරවල අඛණ්ඩ කැපවීම ව්‍යාපාරයන්හි සමාජයීය වගකීමයි. World business council for sustainable development .. "සමාජය තුළ ධනාත්මක බලපෑමක් ජනිත කිරීමට ව්‍යාපාර ක‍්‍රියාවලිය කළමනාකරණය කරන්නේ කෙසේ ද ? යන්න පිළිබඳ වූ අදහසකි, සමාජයීය වගකීම"..Mallen Baker ගනුදෙනුකරුවන්, සේවකයින්, සමාජය, රජය හා පරිසරය ආදී සියලූ ම උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට සාධාරණ ලෙස කටයුතු කරමින් කොටස් හිමියන්ට උපරිම අගයක් බිහිකර දීම සමාජයීය වගකීම වේ. Narayan M...