Skip to main content
A/L - Business Studies -2.0 : ව්‍යාපාර පරිසරයට අනුගත වීම සඳහා ව්‍යාපාර, සමාජයීය වගකීම් හා ආචාරධර්ම කෙරෙහි සැලකිලිමත් වන ආකාරය විමසයි.
2.1 : ව්‍යාපාර විසින් සමාජයීය වගකීම් ඉටුකිරී මේ වැදගත්කම අගයයි.
ව්‍යාපාරය හා සම්බන්ධ සියලූම උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට උපරිම අයුරින්සාධාරණයක් ඉටු වන ආකාරයට කටයුතු කිරීම සමාජයීය වගකීම වේ.
Ÿ ව්‍යාපාරයක සමාජ වගකීම් සංකල්පය පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇත.
නිදසුන් :
සමස්ත සමාජයේ සහ ප‍්‍රදේශයේ ජනතාවගේත් , සේවකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වලත් ජීවන තත්ත්වය නංවාලීමට සහ රටේ ආර්ථික සංවර්ධනයට දායක වන බවට හා සදාචාරාත්මක ව හැසිරෙන බවට ව්‍යාපාරවල අඛණ්ඩ කැපවීම ව්‍යාපාරයන්හි සමාජයීය වගකීමයි. World business council for sustainable development ..
"සමාජය තුළ ධනාත්මක බලපෑමක් ජනිත කිරීමට ව්‍යාපාර ක‍්‍රියාවලිය කළමනාකරණය කරන්නේ කෙසේ ද ? යන්න පිළිබඳ වූ අදහසකි, සමාජයීය වගකීම"..Mallen Baker
ගනුදෙනුකරුවන්, සේවකයින්, සමාජය, රජය හා පරිසරය ආදී සියලූ ම උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට සාධාරණ ලෙස කටයුතු කරමින් කොටස් හිමියන්ට උපරිම අගයක් බිහිකර දීම සමාජයීය වගකීම වේ. Narayan Murthy
Ÿ ව්‍යාපාර සමාජයීය වගකීම පිළිබඳ ව විවිධ රටවල් විසින් ද නිර්වචන ඉදිරිපත් කර ඇත.
ඇමරිකා එක්සත් ජනපදය^USA& - සිය ව්‍යාපාර කි‍්‍රයාකාරකම් පිළිබඳවත්, එමගින් සමාජයට ඇති වන බලපෑම් පිළිබඳවත් පෞද්ගලිකවම ව්‍යාපාර වගකීම සමාජයීය වගකීමයි...
පිලිපීනය  - ව්‍යාපාර, සමාජයට ආපසු දෙන දෑ.. සමාජයීය වගකීමයි.
Ÿ ව්‍යාපාර සමාජයීය වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ දැඩි අවදානයක් වර්තමානයේ වර්ධනය වී ඇත.
ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට හා පොදුවේ සමාජයට බලපෑම් ඇති කරන බලවේග කිහිපයක් වර්ධනය වෙමින් පවතී.
නිදසුන් :
Ÿ ව්‍යාපාර තරඟය
Ÿ ගෝලීයකරණය
Ÿ විද්‍යුත් ව්‍යාපාර
Ÿ පරිසර දූෂණය
ව්‍යාපාරවලින් සමාජයීය වගකීම් ඉටු විය යුතු ප‍්‍රධාන පාර්ශ්ව කිහිපයකි.
නිදසුන් -
Ÿ ගනුදෙනුකරුවන්
Ÿ සේවකයින්
Ÿ අයිතිකරුවන්
Ÿ සමාජය
පහත සඳහන් රූප සටහනෙහි දැක්වෙන පරිදි , එක් එක් පාර්ශ්වය වෙත ව්‍යාපාර සමාජයීය වගකීම් ඉටුවිය යුතු ය.
රූප සටහන 1
එම එක් එක් පාර්ශ්වය වෙත ව්‍යාපාර විසින් ඉටු කළ යුතු සමාජයීය වගකීම් වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කළ හැකි ය.
Ÿ සියලූ ම පාර්ශ්වයන්ගේ අපේක්ෂා ඉටු වන ආකාරයට සමාජයීය වගකීම් ඉටුකිරීමට පෙළඹිය යුතු ය.
නිදසුන් :
Ÿ ගනුදෙනුකරුවන්ට සමාජයීය වගකීම් ඉටු කිරීමේ දී එනම් හානි අවම වන ගුණාත්මක භාණ්ඩයක් හෝ සේවාවක් සාධාරණ මිලට ලබා දීමේ දී සේවකයින් ට ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් හා අනෙකුත් පහසුකම් ලබා දීම, අයිතිකරුවන්ට ප‍්‍රමාණවත් ආර්ථික ප‍්‍රතිලාභ අත්කර දීම මෙන්ම සමාජයට පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම මගින් අනෙකුත් පාර්ශ්ව වෙත ද අවාසිදායක තත්ත්වයක් ඇති නොවී සෑම පාර්ශ්වයක ම අපේක්ෂා ඉටු කළ යුතු ය.
Ÿ අයිතිකරුවන්ගේ සමාජයීය වගකීම් ආරක්ෂා කිරීමේ දී එනම් ඔවුන්ට සාධාරණ ඉපැයීමක් /ලාභයක් අත්කර දීමේ දී අනෙක් පාර්ශ්වවල එනම් ගනුදෙනුකරුවන්ට සාධාරණ මිලට භාණ්ඩ ලබා දීම, සමාජයට ප‍්‍රජා සත්කාර සේවා ලබා දීම ද සේවකයින්ගේ වෘත්තිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා අනෙකුත් පහසුකම් සැලසීම ද මගින් ඒ ඒ පාර්ශ්වයේ සමාජයීය වගකීම් ද ආරක්ෂා විය යුතු ය.
Ÿ සමාජයීය වගකීම් ඉටු කිරීමෙන් ව්‍යාපාරයකට විවිධ ප‍්‍රතිලාභ අත් වේ.
නිදසුන් :
Ÿ ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීම
Ÿ ව්‍යාපාරයේ ප‍්‍රතිරූපය/කීර්තිනාමය වර්ධනය වීම
Ÿ ව්‍යාපාරය පිළිබඳ විශ්වසනීයත්වය තහවුරු වීම
Ÿ ගනුදෙනුකරුවන් තෘප්තිමත් කළ හැකි වීම
Ÿ ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ කරා ලඟා වීමට පහසු වීම

Comments

Popular posts from this blog

2.2 : පරිසර හිතකාමී ලෙස කටයුතු කරමින් තිරසර සංවර්ධනයට ව්‍යාපාර දායක වන ආකාරය අගයයි. තිරසර සංවර්ධනය යනු , '' Sustainable development is development which meet, the needs of the present, without compromising the ability of future generations to meet their own needs.'' world commission on Environment and Development තිරසර සංවර්ධනය යනු , අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය නොකරමින් වර්තමාන අවශ්‍යතා ලඟා කර ගන්නා වූ සංවර්ධනයයි . තිරසර සංවර්ධනය ගොඩනැගී ඇත්තේ සමාන වැදගත්කමක් ඇති කුළුණු තුනක් මත ය. ඒවා නම් , 1. ආර්ථික තිරසර සංවර්ධනය(Economic Sustainable Development) 2. පරිසර තිරසර ආරක්ෂණය (Environment Sustainable Protection) 3. සමාජ තිරසර සංවර්ධනය(Social Sustainable Development) ආර්ථික තිරසර සංවර්ධනය සාම්ප‍්‍රදායිකව ආර්ථික වර්ධනය යනු , දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයයි. තිරසර ආර්ථික සංවර්ධනයේ දී සම්පත් පරිභෝජනය අඩු කර, ජීවන තත්ත්වය උසස් කිරීම මඟින් මානව සුභ සාධනය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. ලෝකය පුරා සිටින ජනතාවගේ දුප්පත්කම නැති කිරීම, උසස් ජීවන තත්ත්ව...
2.3 : ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව තහවුරු කරයි. ව්‍යාපාර තමන් සමග කටයු තුකරන සිය ලූ පාර්ශ්ව වලට යහපතක් සිදු වන ආකාරයට හොඳ නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම, ව්‍යාපාර ආචාර ධර්ම ලෙස හැඳින්විය හැකි ය. Ÿ ව්‍යාපාර ආචාර ධර්ම පිළිපැදීම ව්‍යාපාරවලට වැදගත් වේ. නිදසුන් : Ÿ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයීම තුළ ගනුදනුකරුවන්ට සාධාරණය ඉටු වන අතර එමගින් ව්‍යාපාර පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය ඉහළ යාම. Ÿ අලෙවිකරණයට අදාළ ආචාරධර්ම පිළිපැදීම තුළින් ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීම සහ තරඟකාරිත්වයට සාර්ථක ලෙස මුහුණ දිය හැකි වීම. Ÿ ගිණුම්කරණ කටයුතුවලට අදාළ ආචාරධර්ම පිළිපැදීමෙන් ව්‍යාපාරය තුළ සිදු විය හැකි මූල්‍ය අක‍්‍රමිකතා, විෂමාචාර පිටු දැකීම තුළින් විශ්වාසය තහවුරු වීම. Ÿ සේව්‍ය සේවක අයිතීන් හා යුතුකම් සුරකින ආචාරධර්ම තුළින් සේවකයිනට ජාති, කුල, ආගම් හෝ ස්තී/පුරුෂ ආදී වශයෙන් සිදු වන අසාධාරණකම් සිදු නොවීමෙන් මනා මානව සම්පත් කළමනාකරණයක් සිදු වීම. Ÿ ව්‍යාපාර ආචාර ධර්ම පද්ධතියක් ගොඩනැගීමේ දි පහත දැක්වෙන කරුණු පිළිබඳ ව සැලකිලිමත් විය යුතු ය. Ÿ ව්‍යාපාරය Ÿ ගනුදෙනුකරු Ÿ සේවකයා Ÿ තරඟකරුවන්...